Gossip Lanka News
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහතා සිය තනතුරින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ මහතා ඉල්ලා අස්වීමේ ලේඛනය ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී ඇති බව වාර්තා වේ. අමාත්‍යාංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, අදාළ ධුරයෙන් සමුගෙන ඒ මහතා නැවතත් විශ්වවිද්‍යාලයීය සේවය සඳහා එක්වීමට නියමිත බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ඒ මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ භාපති තනතුර සඳහා පත් කරනු ලැබුවේ 2024 වසරේ අවසාන භාගයේදීය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site