Gossip Lanka News
ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයින් තේරීමේ ප්‍රධාන කමිටුවේ නායකත්වය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට පැවරීමට එම පක්ෂය තීරණය කර ඇත. පක්ෂයේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා මේ බව අනාවරණය කළේය. මෙම විශේෂ තීරණයට එළඹ ඇත්තේ පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණු විධායක සභා රැස්වීමේදීය. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි. එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ ලේකම්වරයා සඳහන් කළේ පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් එහිදී ගත් බවයි. ඒ අනුව ඉදිරියේදී පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් තවත් අනුකමිටු කිහිපයක්ම පිහිටුවීමට සැලසුම් කර තිබේ. වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා, "මේ ප්‍රධාන කමිටුව නියෝජනය කරන්නේ දේශපාලන ක්ෂේත්රය සහ බිම් මට්ටමේ ජනතාව ගැන මනා වැටහීමක් තියෙන හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසක්. පක්ෂයක් විදිහට අපි ඕනෑම මොහොතක පළාත් සභා ඡන්දයට මුහුණ දෙන්න සම්පූර්ණයෙන්ම සූදානම්." මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site