Gossip Lanka News
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කළ සමගි ජන බලවේගයට අයත් මන්ත්‍රීවරුන් පස්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරවලින් නෙරපා හැරීමට පියවර ගෙන තිබේ. බුලත්සිංහල ප්‍රාදේශීය සභාව ස්ථාපිත කරන අවස්ථාවේදී මෙම මන්ත්‍රීවරුන් මුදල් ලබාගෙන ඇති බවට බරපතළ චෝදනා එල්ල වී තිබුණි. මෙම දූෂිත ක්‍රියාව සනාථ කෙරෙන සාක්ෂි සහිත වීඩියෝ පටයක් බුලත්සිංහල ප්‍රදේශයේ වැඩවසන ප්‍රසිද්ධ හිමි නමක විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාර දී ඇත. අදාළ දර්ශන සහ හඬ පට මඟින් එම මන්ත්‍රීවරුන් විසින්ම මුදල් ලබාගත් බව සනාථ වී තිබේ. මේ සම්බන්ධයෙන් මන්ත්‍රී ජගත් විතාන මහතා විසින් අඛණ්ඩව සිදුකරන ලද විධිමත් විමර්ශනයකින් පසුව, වරදකරුවන් වූ මෙම පිරිස පක්ෂයෙන් සහ ධූරවලින් ඉවත් කිරීමට අදාළ තීරණය ගෙන ඇති බව වාර්තා වේ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site