Gossip Lanka News
වර්තමාන ආණ්ඩුව ගොඩනැගීමට ජාතික ජන බලවේගය යටතේ එකතු වූ ජනතා විමුක්ති පෙරමුණේ නොවන පිරිස ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත්ව දෙපාර්ශ්වය අතර දැඩි ගැටුමක් නිර්මාණය වී ඇතැයි වාර්තා වෙයි. සමාජ ක්‍රියාකාරියෙකු වන කැළුම් ජයසුමන ප්‍රකාශ කරන්නේ ජවිපෙ නොවන මෙම පිරිසට පැලවත්ත පක්ෂ මූලස්ථානය පල නොකියා පළ බෙදන බවයි. මාලිමාවේ ජවිපෙ නොවන මන්ත්‍රීවරයෙකුට ගමේ පාරක් කොන්ක්‍රීට් කිරීමට ප්‍රතිපාදන ලබාගැනීමට පවා නොහැකි බවත් ඒ සියල්ල ජවිපෙ දිස්ත්‍රික් ලේකම් යටතේ සිදුවන බවත් හෙතෙම ප්‍රකාශ කරයි. මෙම කුඩම්මාගේ සැලකිලි නිසා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනා අතුරින් 60 දෙනෙකු පමණ දැඩි ලෙස කලකිරී ඇති අතර වෙනත් බලවේගයක් ගොඩනැගූ වහා ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමින් සිටින බවද තවත් 20ක් පමණ කිසිදු මතයක් ප්‍රකාශ නොකර නිහඬව සිටින බවද කැළුම් ජයසුමන අනාවරණය කරයි. පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රි ධුර අහෝසි කිරීමේ අණ පනත් වහා ගෙන ඒමට ආණ්ඩුව කඩිමුඩියේ සූදානම් වන්නේ එවැනි පසුබිමකය.
Go to News Site