Collector
ශිරාන් පීරිස්ගේ ඇස්රියල් අධිකරණයේදී වරද පිළිගනියි ! | Collector
ශිරාන් පීරිස්ගේ ඇස්රියල් අධිකරණයේදී වරද පිළිගනියි !
Gossip Lanka News

ශිරාන් පීරිස්ගේ ඇස්රියල් අධිකරණයේදී වරද පිළිගනියි !

කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය කල් ඉකුත් නොවූ භාණ්ඩ සමග එකට ගබඩා කර තිබීම, ආනයනකරුගේ හෝ බෙදාහරින්නාගේ තොරතුරු කිසිවක් සඳහන් නොකර භාණ්ඩ අලෙවියට තැබීම සහ පාරිභෝගිකයන් නොමග යැවීමේ අරමුණින් කටයුතු කිරීම යන වැරැදි සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විසින් පැවැරූ නඩුවේදී වරද පිළිගත් නඩුව විභාග කිරීමෙන් අනතුරුව වරද පිළිගත් ඇස්රියල් මාර්කටින් පුද්ගලික සමාගමට (Asriel Marketing (PVT) Ltd) රුපියල් 75,000ක දඩයක්ද ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළේය. එසේම ආහාර ද්‍රව්‍යවල නිෂ්පාදිත දිනය හා කල් ඉකුත් වීමේ දිනය නොමැතිව දිවයිනේ ප්‍රධානපෙළේ හෝටල් සහ වෙළෙඳපොළ වෙත තොග වශයෙන් ආහාර ද්‍රව්‍ය සැපයූ අදාල සමාගමේ ආහාර තොගය විනාශ කරන ලෙස ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත් දා නියෝග කර තිබේ. නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි මෙම සමාගමට අයත් ගබඩා 04ක්, පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් පසුගිය සතියේ සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබූ අතර ඊට අදාළ නඩුව විභාග කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත. මේ සිද්ධිය සම්බන්ධයෙන් පසුව අදාළ ආයතනයට පාරිභෝගික අධිකාරිය විසින් නඩු පැවරීමට කටයුතු යොදා ඇති බවද අප ශ්‍රී ලංකා මිරර් වාර්තා කළේය.Geographic Reference මෙම ගබඩා හරහා දිවයිනේ ප්‍රධාන පෙළේ හෝටල් ආයතන සහ වෙළෙඳපොළ වෙත තොග වශයෙන් ආහාර ද්‍රව්‍ය සපයා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. චීස් සහ බටර් ඇතුළු කිරි නිෂ්පාදන, චොකලට් සහ කොකෝවා කුඩු, ටින් කළ පලතුරු සහ එළවළු, පැස්ටා වර්ග, මස් වර්ග සහ බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය රැසක්ද එම ද්‍රව්‍ය අතර වේ. මේ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ශිරාන් පීරිස්ය. රී බිල්ඩිං ශ්‍රී ලංකාවලටත් මිලියන 5ක් දීලා එම සමාගම පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 5ක මුදලක් ද පරිත්‍යාග කර තිබූ බවට මාධ්‍ය වාර්තා පලව තිබිණි. -srilankamirror

Go to News Site