Collector
Giriş Yap
දිලිත්ගේ උප සභාපති සජිත්ගේ සභාපතිට එරෙහිව මාරාන්තික උපවාසයක! | Collector
දිලිත්ගේ උප සභාපති සජිත්ගේ සභාපතිට එරෙහිව මාරාන්තික උපවාසයක!

දිලිත්ගේ උප සභාපති සජිත්ගේ සභාපතිට එරෙහිව මාරාන්තික උපවාසයක!

පාතහේවාහැට ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඒකාධිපති මෙන්ම නීතිවිරෝධී ක්‍රියාකලාපයට එරෙහිව එම සභාවේ උපසභාපති පියල් ජයසිංහ මහතා විසින් උපවාසයක් ආරම්භ කර ඇත. මෙය ආරම්භ වූයේ ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙමින් තිබූ අවස්ථාවේදීම වීම විශේෂත්වයකි. වත්මන් පාලන බලය හිමි සමගි ජන බලවේගය නියෝජනය කරන සභාපතිවරයා සහ සර්ව ජන බලය පක්ෂය නියෝජනය කරන උපසභාපතිවරයා අතර පවතින මෙම ගැටුම, සභා ගර්භය තුළදීම මෙලෙස පුපුරා ගොස් ඇත. මාරාන්තික උපවාසයේ නිරත පියල් ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ සභාපතිවරයා සියලු තීන්දු තීරණ තනිමතයට ගන්නා බවයි. සභාව තුළ සාකච්ඡා වන කරුණු අත්තනෝමතික ලෙස වෙනස් කරමින්, නිල වාර්තා පවා තමන්ට රුචි පරිදි ව්‍යාජ ලෙස සකස් කිරීමට සභාපතිවරයා කටයුතු කර ඇති බවට ඔහු බරපතළ චෝදනාවක් එල්ල කරයි. මෙම අත්තනෝමතික පාලනය අවසන් වන තුරු තමන් ආරම්භ කළ අරගලය කිසිසේත් අත්නොහරින බව ද හෙතෙම අවධාරණය කළේය. එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වත්මන් සභාපති කේ.එස්.බී. රාජනායක මහතාගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ සභා වාර්තාවල දක්නට ලැබුණු එක්තරා දෝෂයක් නිවැරදි කිරීමට පියවර ගන්නා බව තමන් සභාවට දැනුම් දුන් බවයි. එසේම උපසභාපතිවරයා තමන් වෙත එල්ල කරන සියලුම චෝදනා සත්‍යයෙන් තොර බව පවසමින් සභාපතිවරයා ඒවා මුළුමනින්ම ප්‍රතික්ෂේප කර සිටියේය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site