Gossip Lanka News
රජයේ ප්‍රබල ඇමැතිවරුන්, මාධ්‍යවේදීන් හා ප්‍රසිද්ධ හිමිවරුන් හා කලාකරුවන් ලෙස පෙනී සිටිමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් කරන ලද විමර්ශනයකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. තමාගේ නමින් පෙනී සිටින තැනැත්තකු විවිධ පුද්ගලයන්ට දුරකථන ඇමතුම් ලබාදී සමාජ සත්කාර සඳහා බව පවසා මුදල් වංචා කරන බවට රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිල්ලක් කර තිබිණි. ඒ අනුව සිදුකළ විමර්ශනයෙන් සැකකරු හඳුනාගෙනා ගැනීමට හැකිවී ඇත. සැකකාර පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිටින බවද අනාවරණය කරගත් විමර්ශන නිලධාරීන් ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරුට නිල් නිවේදනයක් ලබාගැනීමට පියවර ගෙන ඇත. ඒ පිළිබඳ නොදත් සැකකරු ඩුබායි සිට පෙරේදා (21) මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත භාර දී ඇත. එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ, වසර දෙකක කාලයක් සඳහා ඔහු ඩුබායි රාජ්‍යයේ සේවය කිරීමට ගොස් ඇති බවය. සැකකරු අන්තර්ජාල සූදු ක්‍රීඩාවට දැඩිව ඇබ්බැහී වී ඇති බවත් ඊට මුදල් සොයාගැනීම සඳහා මෙම කූට ක්‍රියාව සිදුකර ඇති බවද විමර්ශන නිලධාරීන් හෙළි කරගෙන ඇත. සැකකරු කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස, ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් වන චතුර අල්විස්, හසිත විජේවර්ධන ඇතුළු පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් මෙම වංචාවන් සිදුකර ඇති බවද ඒ ඒ පුද්ගලයන්ගේ කට හඬවල් ද අනුකරණය කර ඇති බව ද අනාවරණය කරගෙන ඇත. මහනුවර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෙම සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එලැඹෙන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Go to News Site