Gossip Lanka News
සහරාන් හෂීම් යටතේ කඳවුරු 13ක අන්තවාදී පුහුණුව ලැබූ 300කට අධික පිරිස පුනරුත්ථාපනය කොට සමාජයට එකතු කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කළ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. අවාසනාවට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා එම මරාගෙන මැරෙන්නට පුහුණු කළ පිරිස පුනරුත්ථාපනයට එරෙහි වූ නිසා ගෝඨාභය රාජපක්ෂ එම තීන්දුව හකුළා ගත් බවද ඔහු ප්‍රකාශ කරයි. කොළඹ බෝරා සමුළුව පැවති අවස්ථාවේ එය වීඩියෝගත කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පොඩි සහරාන් නැමැත්තා ඉන් අයකු බවත් ඔවුන් පුනරුත්ථාපනය නොකළ නිසා අන්‍යාගමික කණ්ඩායම් කෙරෙහි ඔවුන් තුළ තවමත් වෛරී සිතිවිලි පවතින බවට හෙතෙම අනතුරු අඟවයි. එහෙයින් මේ අවස්ථාවේද පුනරුත්ථාපනය නොකළ ඇවිදින මිනිස් බෝම්බ තුන්සියයකට වඩා ලංකාවේ තැන තැන සිටින බවට උදය ගම්මන්පිල අනතුර අඟවයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site