Gossip Lanka News
2024 වසරේ ඔක්තෝබර් මස ඊශ්‍රායල ධජයට අනතුරක් සිදු කරන ආකාරයේ සමාජ මාධ්‍ය පළ කිරීමක් කළේ යැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයට පත්කරන ලද මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයකු වන මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහෙල් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව එවක දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඊයේ (මාර්තු 23 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඊට අමතරව මෙම ක්‍රියාව තුළින් අදාළ තරුණයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන දෙකක වන්දියක් තමන් ගෙවන බවත් එවක දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ එච්.එම්.ඒ බී හේරත් විවෘත අධිකරණයේ ප්‍රකාශ කර සිටියේය. ඉන් අනතුරුව අදාළ මුදල් වග උත්තරකාර ස්ථානාධිපතිවරයා විසින් විවෘත අධිකරණයේදී අදාළ තරුණයාට භාර දෙනු ලැබිණි නඩුකරය සමථයට පත්කර ගැනීමට සූදානම් තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් භාරයට පත් කිරීමට එරෙහිව අදාළ තරුණයා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම් සිදුකෙරුණි. මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් විජේරත්න යන ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබිණි. එහිදී පෙත්සම්කාර තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට දන්වා සිටියේ වග උත්තරකාර පොලිස් නිලධාරින් විසින් මහේස්ත්‍රාත් අධිකරණයට වැරදි කරුණු වාර්තා කර තම සේවා දායකයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස නවයකට අධික කාලයක් රිමාන්ඩ් භාරයට පත් කර සිටි බවයි. ඉන්පසුව සිය සේවා දායකයාට එරෙහිව නඩු නිමිත්තක් නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු නිදහස් කෙරුණු බවත් නීතිඥවරයා පැවසීය. කෙසේ වෙතත් මෙම නඩුකරය සමථයකින් අවසන් කිරීමට හැකියාව තිබෙන බව වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරු දැනුම් දී තිබෙන බවත් නීතිඥ හිස්බුල්ලා සහ අධිකරණය හමුවේ සඳහන් කළේය. එම අවස්ථාවේදී අදාළ පෙත්සමේ ප්‍රධාන වග උත්තරකරු වශයෙන් නම්කර සිටි එවක දෙහිවල පොලිසියේ ස්ථානාධිපති එච්.එම්.ඒ.බී. හේරත් අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරය සමථයට පත්කර ගැනීමට තම සේවා දායකයා සූදානම් බවයි. අත්ඩංගුවට ගැනීමට ගැන කණගාටුව පළ කරයි ඉන් අනතුරුව අධිකරණය හමුවේ පෙනී සිටි එවක දෙහිවල පොලිසියේ ස්ථානාධිපති එච්.එම්.ඒ බී හේරත් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම තරුණයා 2024 වසරේ ඔක්තෝම්බර් මස 25 වනදා තමන් විසින් අත්අඩංගුවට ගත් බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට කණගාටුව පළ කරන බවත්ය. මෙසේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් පෙත්සම්කාර තරුණයාට විශාල අගතියක් සිදුවූ අතර ඒ තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව තමන් පිළිගන්නා බවත් වග උත්තරකාර ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් තමන් පෙත්සම්කරුගෙන් සමාව අයැද සිටින බවත් ඔහුට සිදුවූ අගතිය වෙනුවෙන් රුපියල් මිලියන දෙකක වන්දියක් ගෙවීමට තමන් සූදානම් බවත් වග උත්තරකාර ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය. පසුව වග උත්තරකාර ස්ථානාධිපතිවරයාගේ සමථ යෝජනාවට පෙත්සම්කාර තරුණයාද විවෘත අධිකරණයේ එකඟතාවය පළ කළේය. ඉන් අනතුරුව මෙම සමථය සටහන් කරගත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීම නියෝග කර සිටියේ ය. මේ අතර වගඋත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව අදාළ තරුණයා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ගොනුකර තිබෙන පැමිණිල්ලද ඉවත් කරගන්නා බවට ඔහු අධිකරණය හමුවේ පොරොන්දු විය. සමාජ මාධ්‍ය තුළ ඊශ්‍රායල ධජයට හානි කරන ආකාරයේ පළ කිරීමක් සිදු කළේ යැයි වැරදි කරුණු අධිකරණයට ඉදිරිපත් කර තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් පොලිසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා 21 හැවිරිදි මෙම තරුණයා විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
Go to News Site