පෙට්‍රල් ලීටර් හතරක් තබා ගත්තාට දින 21 සිර ගෙට
Gossip Lanka News

පෙට්‍රල් ලීටර් හතරක් තබා ගත්තාට දින 21 සිර ගෙට

අනවසරයෙන් නීතිවිරෝධීව පෙට්‍රල් ලීටර 4ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකට වැරදිකරු වූ අයකුට  දින 21 ක සිරදඬුවමක් සහ රුපියල් 1500ක දඩයක් නිකවැරටිය මහේස්ත්‍රාත් චාන්දන ලියනගේ මහතා නියම කළේය. මෙසේ දඩුවම් නියම වුයේ කොබෙයිගනේ පදිංචිකරුවෙකු වන බී.එම්. ලසන්ත කුමාර බාලසුරිය නැමැති 48 හැවිරිදි පුද්ගලයෙකුටය. කොබෙයිගනේ පොලිසිය පෙට්‍රල් ලීටර 4 ක් ද සමග අත්ඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුට එරෙහිව තිබු චෝදනාවට ඔහු වරද පිළිගත්තේය. (උපාලි ආනන්ද) -lankadeepa

Go to News Site