Collector
Giriş Yap
වීමල් වීරවංශට හේලිස් ගැන කතා බෑ – අධිකරණයෙන් වාරණයක් | Collector
වීමල් වීරවංශට හේලිස් ගැන කතා බෑ – අධිකරණයෙන් වාරණයක්

වීමල් වීරවංශට හේලිස් ගැන කතා බෑ – අධිකරණයෙන් වාරණයක්

තම සමාගම සම්බන්ධයෙන් කළ අපහාසාත්මක ප්‍රකාශයකට එරෙහිව හේලීස් සමාගම ගොනු කරන ලද අයදුම්පතක් සලකා බැලූ කඩුවෙල දිස්ත්‍රික් අධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව හේලීස් පී.එල් . සී සමාගම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කිරීම, ප්‍රචාරය කිරීම, මහජනතාවට සන්නිවේදනය කිරීම හෝ වෙනත් ආකාරයකින් සමාගම සම්බන්ධයෙන් අසත්‍ය, නොමඟ යවන, අපහාසාත්මක ප්‍රකාශ කිරීම වළක්වාලමින් විමල් වීරවංශට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී, ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තරව කීර්තියක් ඇති බවත්, තවද, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය රටේ ගෞරවනීය පුද්ගලයින්ගෙන් සමන්විත බවත් එහි පැමිණිල්ලේ සඳහන් වේ. හේලීස් පීඑල්සී ආයතනය ශ්‍රී ලංකාව තුළ ගෘහස්ථ සන්නාමයක් ලෙස අතිමහත් කීර්තියක් දිනා ඇති බවත්, මෝටර් රථ, විදුලිබල, කෘෂිකර්මාන්තය ඇතුළු බොහෝ අංශවල ක්‍රියාත්මක වන බවත් තවදුරටත් සඳහන් විය. පැමිණිලිකාර සමාගම සිය පැමිණිල්ල මඟින් සඳහන් කර තිබුණේ එවැනි පසුබිමක, 2026 පෙබරවාරි, අප්‍රේල් සහ මැයි මාසවලදී, සමාජ මාධ්‍ය වේදිකා හරහා සහ පෞද්ගලික රූපවාහිනියක් විසින් විකාශනය කරන ලද වැඩසටහනකදී, හේලීස් පීඑල්සී වෙත සෘජුව සහ හෝ වක්‍රව යොමු කර, අපහාසාත්මක, අසත්‍ය සහ පදනම් විරහිත ආකාරයකින් හේලීස් පීඑල්සී, කිංග්ස්බරි පීඑල්සී, හේලීස් හි මෝටර් රථ අංශය, එහි ජෙට්ස්ටාර් ඒජන්සිය, සැපයුම් අනුබද්ධිත ආයතනය, පුනර්ජනනීය බලශක්ති අනුබද්ධිත ආයතන සහ මෑතකදී සුපිරි වෙළඳසැල් බවට පත් වූ හේලීස් සිල්ලර වෙළඳාම පිළිබඳව සඳහන් කර ඇති බවයි. අදාළ පැමිණිල්ලට අනුව, පැමිණිලිකරු 2026 මැයි 25 හෝ ඊට ආසන්න දිනකදී විත්තිකරුට එන්තරවාසියක් යවා ඇති අතර, එම ඉල්ලීම් ලිපිය ලැබීමෙන් පසුව පවා, විත්තිකරු රූපවාහිනී වැඩසටහනට පැමිණ පැමිණිලිකාර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සමාගමේ අනුබද්ධ සමාගම්වල සාමාජිකයින් ගැන සඳහන් කරමින් සහ හඳුනා ගනිමින් අසත්‍ය ආකාරයකින් තවදුරටත් අපහාස කළ බව දක්වා තිබේ. ඒ අනුව පැමිණිල්ලට එරෙහිව විත්තිකරුට අපහාසාත්මක සහ අසත්‍ය ප්‍රකාශ තවදුරටත් ප්‍රචාරය කිරීම වැළැක්වීමේ නියෝගයක් අධිකරණය විසින් ලබා නොදුණහොත්, පැමිණිලිකරුට ආපසු හැරවිය නොහැකි හානියක් සහ අනර්ථයක් සිදුවනු ඇතැයි පැමිණිලිකරු සඳහන් කළේය. වාරණ නියෝගයට අමතරව, පැමිණිලිකරුගේ කීර්ති නාමයට හානි කිරීම සඳහා රුපියල් බිලියන 6 ක සමුච්චිත වන්දියක් ද විත්තිකරුගෙන් ඉල්ලා ඇත. පැමිණිලිකාර පාර්ශ්වයේ කරුන් දක්වීම සලකා බැලූ අදිකරණය ඉහල නියෝගය ලබා දී ඇති අතර 2026 ජුනි 23 වන දින නඩුව අධිකරණය හමුවට කැඳවීමට නියමිතය. නීතීඥ චනුක ඒකනායකගේ උපදෙස් පරිදි නීතිඥ නිෂාන් ප්‍රේමතිරත්න, ෂෙනාලි ඩයස් සමඟ සහ ඉෂාර ජයකොඩිආරච්චි සමඟ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියහ. -lankasara

Go to News Site