Collector
Giriş Yap
රුපියල් මිලියන 16ක පුටු වංචාවක්: දකුණු පළාත් හිටපු මහ ඇමති ෂාන් විජයලාල් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට! | Collector
රුපියල් මිලියන 16ක පුටු වංචාවක්: දකුණු පළාත් හිටපු මහ ඇමති ෂාන් විජයලාල් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

රුපියල් මිලියන 16ක පුටු වංචාවක්: දකුණු පළාත් හිටපු මහ ඇමති ෂාන් විජයලාල් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන ෂාන් විජයලාල් ද සිල්වා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අදාළ කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. 2019 වසරේදී රුපියල් මිලියන 16.5 ක මන්ත්‍රී ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් පළාතේ ස්වේච්ඡා සමිති සඳහා පුටු මිලදී ගැනීමේදී, නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් සන්නාමගත නිෂ්පාදන ආයතනයකට අයුතු වාසි සහගත ලෙස ටෙන්ඩරය පිරිනැමීම මොහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි. මීට අමතරව, එලෙස මිලදී ගන්නා ලද පුටු 16,361 ක ප්‍රමාණය පළාත් සභා මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ පෞද්ගලික නිවාස සහ කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීමට කටයුතු කිරීම තුළින් රජයේ දේපළ හා මුදල් අවභාවිත කරමින් රජයට බරපතළ මූල්‍ය අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් ද හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වෙත චෝදනා එල්ල වී ඇත. මෙම මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site